බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ධුරයෙන් නෙරපයි



ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරු රැුසක් පිටතට යෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මහා බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් ට එම ධුරය අහිමි විය.

ආරක්ෂක ලේකම්වරයා ලෙස විලියම්සන් හුවාවි සමාගම සමඟ එක්වී, ‘5ජී’ ජාලයක් නිර්මාණය කිරීමට සූදානම් වී ඇත. ජාතික ආරක්ෂාවට වැදගත් වන තොරතුරු පිටතට ගොස් බව පැවැසෙන්නේ එම අවස්ථාවේදීය.

බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් සම්බන්ධයෙන් පැවැති විශ්වාසය බිඳ වැටුණු බවත්ය. 

පුරප්පාඩු වන ආරක්ෂක ලේකම් ධුරය පෙනී මෝර්ඩොන්ට්ට පැවැරෙනු ඇතැයි ද බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ වැඩි දුරටත් පවසා තිබේ. ගැවින් විලියම්සන්, බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක ලේකම් ධුරයට පත් වූයේ 2017 දීය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS