බැග්ඩෑඩිට වඩා දරුණුයි
අල් බැග්ඩෑඩිගේ මරණින් පසු, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස තෝරා ගනු ඇතැයි පැවැසෙන අබ්දුල්ලා කර්දාෂ්, අල් බැග්ඩෑඩිට වඩා සිත්පිත් නැති ත්‍රස්තවාදියකු යැයි ඇමෙරිකන් බුද්ධි අංශ කියයි.
අබ්දුල්ලා කර්දාෂ්, අබ්දුල්ලා කර්ෂේෂ් යන නමින් ද හැඳින්වෙන බව පැවැසෙයි. මොහු ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ ඉහළ නිලධාරියෙකි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය ආරම්භ වූයේ ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ බාත් පාක්ෂිකයන්ගෙනි.
‘ප්‍රොෆෙසර් (මහාචාර්යවරයා)’ සහ ‘ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නම්වලින් ද අබ්දුල්ලා කර්දාෂ් හැඳින්වෙයි. ඒ, ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දළදඬු පාලනය නිසාවෙනි. කර්දාෂ්, සැරපරුෂ සහ කෲර පුද්ගලයකු ලෙස අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය චරිතයකි.
වොෂින්ටනයේදීය (රොයිටර්)