බ්‍රිතාන්‍යය ඉවත්වීමෙන් යුරෝපා සංගමයේ අර්බුද
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම, ග්‍රීසියේ අස්ථාවරත්වය සහ සංක්‍රමණික අර්බුදය යුරෝපා සංගමය අර්බුදයකට පත් කරනු ඇතැයි ද ඉකොනොමිස්ට් වෙබ් අඩවිය පවසයි. ‘ ද ඉකොනොමිස්ට්’ බුද්ධි ඒකකය විසින් පළ කළ නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වී ඇත.
එක්සත් රාජධානිය යුරෝපා සංගමය පිළිබඳ දරන අදහස මූලික කරගෙන එම වාර්තාව සැකසී ඇත. ඬේවිඞ් කැමරන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම, පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් දරන නිසි ලෙස අදහස් නොදැක්වීම, අසම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීම යන කරුණු නිසාවෙන් එක්සත් රාජධානිය තුළ කැළැඹීමක් ඇති කළ බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.
බ්‍රිතාන්‍යයය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ අර්බුද රැසක් ඇති බව පෙන්වා දෙන ‘ ද ඉකොනොමිස්ට්’ බුද්ධි ඒකකය බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටීමට තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරයි.