බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු නිදි කිරති



 
(ඬේලිමේල් ඇසුරිනි)
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ගිම්හාන සැසිය අද (24) ආරම්භ වුණු අවස්ථාවේදී, එරට විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රී ජෝන් මැක්ඩොනෙල් පාර්ලිමේන්තුව අමතා දීර්ඝ ප්‍රකාශයක් කළේය. 
ජෝන් මැක්ඩොනෙල් යනු කම්කරු පක්ෂය විසින් සකස් කළ ‘ඡායා කැබිනට්ටුවේ’ මුදල් ඇමැතිවරයාය. ජෝන් මැක්ඩොනෙල් පාර්ලිමේන්තුව ඇමැතුවේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමඟ රට මුහුණ දෙන මූල්‍ය අභියෝග සම්බන්ධයෙනි.
ඇමැතිවරයා කතා කරද්දී,  මැති ඇමැතිවරුන්ගෙන් වැඩි දෙනා නිදි කිරා වැටුණු බවත් ඇතැමුන් ඔවුන්ගේ ඡංගම දුරකතනවලින් වීඩියෝ ක්‍රීඩා කළ බවත්, තවත් සමහරකු සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය කරන්න වූ බවත් බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන්ලයින්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

RECOMMEND POSTS