බලුකිස්තාන විමුක්ති හමුදාව ත්‍රස්ත සංවිධානයක්
බලුකිස්තාන විමුක්ති හමුදාව යන නමින් හැඳින්වෙන ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
බලුකිස්තාන විමුක්ති හමුදාව යන නමින් හැඳින්වෙන ත්‍රස්ත කල්ලිය, ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු ඊට අයත් වත්කම් අත්හිටුවීමක් සිදුවෙයි. කිසිදු පාර්ශ්වයකට ත්‍රස්ත කල්ලියට මූල්‍ය ආධාර ලබා දීම ද කළ නොහැකිය.
පාකිස්තානයට අයත් එක් පළාතක් වන්නේ බලුකිස්තානයයි. මෙය ඉරානයට ද මායිම් වෙයි. පාකිස්තාන රජයේ හමුදා පමණක් නොව, චීන ජාතිකයන් ද ඉලක්ක කර ගනමින් පසුගිය කාලයේ ප්‍රහර එල්ල කළේ මෙම සන්නද්ධ කල්ලියයි. පාකිස්තාන හමුදාව බලුකිස්තාන විමුක්ති හමුදාව සමඟ සටන් කරන්නේ 2004 වසරේ සිටය. පසුගිය නොවැම්බරයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට පහර දුන්නේ ද මෙම ත්‍රස්ත කල්ලිය යැයි පැවැසෙයි.
බලුකිස්තාන විමුක්ති හමුදාව පවසා ඇත්තේ බලුකිස්තාන වාර්ගීක ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, එම වැසියන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් සටන් වදින බවත් ය. බලුකිස්තාන විමුක්ති හමුදාවට සහාය දක්වන්නේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)