බලු සුරතලා ගෞරව දක්වමින්
අභාවප්‍රාප්ත ඇමෙරිකා හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ දේහය වොෂින්ටන් අගනුවරට රැගෙන ඒමට පෙර ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර නිවසේ තැම්පත් කෙරුණු අවස්ථාවේදී, රෝගී වී සිටි ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ට රැකවරණය දුන් බලු සුරතලා ‘සලී’ ද දේහය අසල සිටිනු දකින්න ලැබුණි.
‘සලී’ නමැති මෙම ලැබ්‍රඩෝර් රිටී්‍රවර් බැල්ල දේහය අසල සිටින ඡායාරූප ට්විටර් පණිවුඩයක් ලෙස ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ මාධ්‍ය ප්‍රකාශක ජිම් මැග්‍රාත් විසිනි.
‘සලී’ රෝගී වූ වයෝවෘද්ධ පුද්ගලයන් රැක බලා ගැනීම වෙනුවෙන් විශේෂයෙන් පුහුණුව ලැබූ බැල්ලකි. පාකින්සන් රෝගීන් බොහෝ දෙනකුට මෙවැනි බලු සුතරලුන්ගේ සහාය හිමිවෙයි. ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ද පාකින්සන් රෝගියෙකි.
හිටපු ජනාධිපතිවරයාගේ සහායට ‘සලී’ බලු සුරතලා ගෙන එන ලද්දීදේ පසුගිය ජූනි මාසයේදී බවත්, අවසන් මොහොත තෙක් තනිනොතියට ‘සලී’ හිටපු ජනාධිපතිවරයා අසල සිටි බවත් මාධ්‍ය ප්‍රකාශක ජිම් මැග්‍රාත් පවසා තිබේ. හිමිවෙයි.
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ බාබරා ජූනි මාසයේදී මෙලොවින් සමුගත්තාය. එම අවස්ථාවේදී හිමිවෙයි. ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ තනිය මකා දැමීමට පවුලේ සාමාජිකයන් ‘සලී’ ගෙන ආ බව ද පැවැසෙයි.
ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වූයේ පසුගිය සිකුරාදා (30) ය. මියයනවිට ඔහුගේ වයස 94 ක් විය.
අවසන් කාලයේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ලේ විස වීමක් හේතුවෙන් ද රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බව පැවැසෙයි. ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ඇමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයාය.
(ඒ.එෆ්.පී.)