බර්ලින්හි නත්තල් උත්සව භාණ්ඩ වෙළෙඳපොළකට ට්‍රක් රියක් කඩා වැදී12 ක් මරුට



 (ඒ.එෆ්.පී/රොයිටර්)
ජර්මනියේ බර්ලින් නුවර නත්තල් උත්සව භාණ්ඩ වෙළෙඳපොළකට ට්‍රක් රියක් කඩා වැදීමෙන් 12 දෙනකු මියගොස් පනහකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙය ප්‍රහාරයක් යැයි ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තෝමස් ද මේසියර් පැවැසීය. එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් ට්‍රක් රථයේ පැමිණි තවත් අයකු මියගිය බවත් බර්ලින් නුවර පොලිසිට ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ලොරි රථයේ කවුරුන්ද යන්න අනාවරණය නොවූ බව ද පොලිසිය සඳහන් කර තිබිණි. 
බ්‍රයිට්ස්ෂයිඞ්ප්ලැට්ස් හි වෙළෙඳපොළ පිහිටා ඇත්තේ බටහිර බර්ලින් නුවර කුෆර්ස්ට්න්ඩම් හි පිහිටි ප්‍රධාන වෙළෙඳපොළ සමීපයේය. 
ට්‍රක් රථය කඩා වැදීමෙන් වෙළෙඳපොළේ සිටි පනහකට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. සිව්දෙනකු සුළු තුවාල ලැබූ බව ද එම වාර්තාවල දැක්විණි. 
ෆෙස්බුස් සමාජ වෙබ් අඩවිය බර්ලින් නුවර අනෙක් පිරිස් දැනුවත් කිරීමේ සඳහා එම වෙබ් අඩවියේ ආරක්ෂිත ද යන්න සොයා බැලෙන ෆේස්බුක් පිටුව විවෘත කර තිබිණි. 
කෙසේ වෙතත් ට්‍රක් රථයේ රියදුරු පසුගිය පෙබරවාරි මාසයේදී දේශපාලන රැකවරණ පතා ජර්මනියට පැමිණි ඇෆ්ගනිස්තාන හෝ පාකිස්තාන ජාතිකයක-ු බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ජර්මානු පුවත් සේවා වාර්තා කර තිබිණි. 
ට්‍රක් රියදුරු බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදු වූ ස්ථානයට කිලෝමීටර දෙකක් පමණ දුරකදී බව ද වාර්තා විය. 
වෙළෙඳපොළට කඩා වැදුණු ට්‍රක් රිය පෝලන්තයේ ඉදිකිරීම් ස්ථානයකින් සොරකම් කරන ලද්දක් යැයි ද විදෙස් වාර්තාවල දැක්විණි. ට්‍රක් රියේ සිටි මියගිය තැනැත්තා පෝලන්ත ජාතිකයකු බව ද පුවත් සේවා වාර්තාවල දැක්විණි.
ට්‍රක් රථය සහ එහි රියදුරු අතුරුදන්ව ඇතැයි මෙම ට්‍රක් රථයේ හිමිකරු වන පෝලන්ත ජාතික අරයිල් සුරව්ස්කි උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. 
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොතිබිණි. බොහෝ තොරතුරු තවමත් නිශ්චිත නොවීම ඊට හේතුව බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ එරට ජනාධිපති ජොහැයිම් ගවුක් සිය කනගාටුව ප්‍රකාශ කළහ. 
ට්‍රක් රථය වෙළෙඳපොළට කඩා වැටෙන අවස්ථාවේදී එහි නත්තල් සැරැසිලි මිලදී ගන්නට විනාශ පිරිසක් පැමිණ තිබිණි. ට්‍රක් රථය වෙළෙඳපොළ තුළ මීටර 50ත් 80ත් අතර දුරටක් ධාවනය වී ඇත. 
ට්‍රක් රථය වුවමනාවෙන්ම වෙළෙඳපොළ තුළට කඩා වැදී ජනතාව වෙත ධාවනය වූ බව එහි පිරිසක් උපුටා දක්වමින් ඒ.පී පුවත් සේවය වාර්තා කළේය.

RECOMMEND POSTS