බර්ලිනයේ සරණාගතයින්ට වැඩ වරදී
ආර්.ටී කොම් වෙබ් අඩවිය ඇසුරෙනි.....
බර්ලින් අගනුවර වීදියේ ජීවත්වන පුද්ගලයෙකුට ඔහු නිදා සිටින වේලාවකදී ගිනිතැබීමට උත්සාහ කළ සරණාගතයන් හත් දෙනෙකුට මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාව මත දඬුවම් ලබාදීමට ජර්මානු බලධාරීන් විසින් පියවරගනුලැබ තිබේ.
නත්තල් දින බර්ලින් නුවර උමං දුම්රිය ස්ථානයකදී වීදියේ නිදන්නකු වෙත ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පොලීසිය විසින් නිකුත් කරනු ලැබීමෙන් පසු සැක කරුවන්ගෙන් සයදෙනෙකු පොලීසියට භාරවී ඇත.
ගිනි තැබීමට ලක්වූ පුද්ගලයාට තුවාළ සිදුවී නැතිබව වාර්තා වේ.
සාමාන්‍යයෙන් වීදියේ ජීවත්වන පුද්ගලයන්ට එල්ලවන ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් කරනු ලබන්නේ අන්ත දක්ෂිණාංශික ජර්මානු ජාතිකයන් විසිනි.
තිළිණි ද සිල්වා