බංග්ලාදේශ ගින්නෙන් මියගිය ගණන ඉහළට



බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් 22 කින් සමන්විත ‘එෆ්ආර් ටවර්’ ගොඩනැගිල්ලේ හටගත් ගින්නෙන් මියගිය ගණන 25 තෙක් ඉහළ ගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

ගින්න හටගත්තේ  28 සවසය. ගින්නෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික සිසුවකු ද සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ගින්නට හසුවී පිළිස්සී තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය. තවත් කිහිප දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගින්නෙන් බේරීමට ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිට බිමට පැන්න නිසා යැයි ද පැවැසෙයි.

ඩකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS