පෝලන්ත කතුන්ට ආත්මාරක්ෂක පුහුණුව
පෝලන්ත කාන්තාවන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබාදීමට එරට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
එරට යුද හමුදා කඳවුරු 30කදී මේ නොවැම්බර් මසයේ සිට ලබන ජූනි මාසය දක්වා පුරා මාස හයක කාලයක් මෙම පුහුණුව ලබා දෙන අතර එම පුහුණුව ලබා ගන්නා කතුන්ට නිරායුධ සටන් පුහුණුවක්ද ලබා දීමට කටයුතු කරන බවද පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පෝලන්තයේ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් වයස අවුරුදු 18ට වැඩි සියලුම කාන්තාවන්ට මේ සඳහා සහභාගී විය හැකි බවත් ආරක්ෂක බලධාරීහු කියති. මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා පැවැත්වෙන බව එරට ආරක්ෂක අමාත්‍ය අන්තෝනි මැසියර්වික්ස් පැවසීය.
සිවිල් වැසියන්ට ආත්මාරක්ෂක පුහුණුව ලබා දීම රජයේ හමුදා වල වගකීමක් නොවන බවත් මෙම වැඩසටහන ප්‍රසිද්ධිය ලබා ගැනීමට පමණක් ක්‍රියාත්මක වන බවත් සමහරු චෝදනා කරති.ආත්මාරක්ෂක පුහුණුව ලබා දිය යුත්තේ පොලිසිය මිසක් හමුදාව නොවන බවත් ඔවුහු කියති.
( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....