පුටින් රැප් සංගීතයට සීමා පනවයි



රුසියාව තුළ රැප් සංගීතයට සීමා පැනවිය යුතු බව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පූටින් පැවසීය.

ඔහු පවසන්නේ වර්තමානය වන විට තරුණ තරුණියන් අතර රැප් සංගීතය වඩාත් ප්‍රචලිත වී ඇති බැවින් ඒ හරහා සමාජ පරිහානියක් දක්නට ලැබෙන බවයි. 

මත්ද්‍රව්‍ය ප්‍රචාරණය ද මේ හරහා වැඩි වශයෙන් සිදුවන බව ඔහු පවසා තිබේ.

ශාන්ත පීටර්ස්බර්ග්හි දී සංස්කෘතික උපදේශකවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පූටින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

( තිළිණි ද සිල්වා)

ගාඩියන්  පුවත් පත


RECOMMEND POSTS