පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹේ
පිලිපීනයේ ලූසොන් ප්‍රධාන දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැලඹී ගියේය. භූමි කම්පාවෙන් මියගිය ගණන 10 ක් බවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
පිලිපීනය දූපත් රාජ්‍යයකි. භූමි කම්පාවෙන් කැලඹී ගිය ලූසොන් දූපත එහි ප්‍රධාන දුපතයි. වාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් පිලිපීන පුවත් සේවා වාර්තා කර තිබේ.
පිලිපීන භූ විද්‍යාඥයන් නිවේදනය කළේ භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ බවය. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට පමණක් නොව, ලූසොන් ප්‍රධාන ගුවන්තොටුපොළට ද හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
ක්ලාක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිදුවුණු හානිය හේතුවෙන් මේ වනවිට එය වසා දමා ඇති බවත්, පැමිණෙන ගුවන් යානා අසල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන ඇති බවත් පිලිපීන ගුවන් බලධාරීහු පවසති.
පිලිපීන දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ ‘ගිනි වළල්ල’ යන නමින් භූ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ භූ තැටි මායිමට ඉහළිනි. මේ කලාපයේ භූමි කම්පා බහුලව හට ගනී.
මැනිලා නුවරදීය (රොයිටර්ස්)