පිලිපීන ජනපති ඩුටරේට්ස්ගෙන් අපරාධකරුවන්ට නත්තල් පණිවුඩයක්



මැනිලා නුවරදීය (රොයිටර්)


රටේ අපරාධකරුවන්ට එරෙහිව දළදඬු ක්‍රියා මාර්ග අනුගමනය කරන පිලිපීන ජනාධිපති ඩුටරේස් රොඞ්රිගෝ පසුගිය දා නිකුත් කළ නත්තල් වීඩියෝ පණිවුඩය ලොව කාගේත් අවධානයට ලක්විය. ඊට හේතුව ඔහු එම නත්තල් පණිවුඩය හරහා රටේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට තර්ජනය කිරීමය.

‘මමත් මනුෂ්‍යයෙක්. ඒ හින්දා අකමැති වුණත් මටත් සිදුවෙනවා නුඹලට සුබ පතන්න. හොරු, තක්කඩි, කුඩුකාරයෝ, මිනිමරුවෝ, නුඹලා හැමෝටම සුබ නත්තලක්. පිලිපීන වැසියන්ගේ ජීවිත කාලකණ්ණි කරන, ජනතාව අතරේ බිය පතුරුවමින් අපරාධ කරන නුඹලා හැමෝටම සුබම සුබ නත්තලක්. එකක් මතක තියා ගන්නවා. නුඹලා වැරදි වැඩ නැවැත්තුවේ නැතිනම්, දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මේක නුඹලගේ අන්තිම සුබම සුබ නත්තල වේවි.’ යැයි ඉතා ප්‍රසන්නව, සුහඳ සිනහවකින් මුව සරසාගෙන, බොහොම සන්සුන්ව අසුන් ගෙන සිටින ජනපති ඩුටරේට්ස් කියයි.


RECOMMEND POSTS