පැරිසියේ යළි කහ ජැකට් විරෝධතා ඇරැඹේ
ප්‍රංශයේ දිළිඳු වැසියන්ගේගේ ගැටලු අමතක කර ඇති බවටත්, රටේ සමාජ සාධාරණත්වයක් නොමැති බවටත් චෝදනා කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජයට එරෙහිව පැරිස් අගනුවර ඊයේ (21) යළි කහ ජැකට් විරෝධතා ආරම්භ විය.
කහ ජැකට්වලින් සැරැසුණු විරෝධකරුවන් පසුගිය කාලයේ විරෝධතා ආරම්භ කළේ ජනපති මැක්රොන් ප්රමුඛ රජය අසරණ දිළිඳු ප්‍රංශ වැසියන් අමතක කර ඇති බවටත්, ඔවුන් මහත් දුක සේ ජීවත් වන බවටත් චෝදනා නගමිනි.
නොත්‍රදාම් දෙව්මැදුර ගින්නෙන් විනාශ වූ අවස්ථාවේදී, ප්‍රංශ ජනාධිපති මැක්රොන් යෝජනා කළේ, එම ඛේදවාචකය හමුවේ ප්‍රංශ වැසියන් සැවොම එක්සත්ව එකමුතු විය යුතුයි කියාය.
කෙසේ නමුත් යළි විරෝධතා ආරම්භවීමෙන් පෙනී යන්නේ කහ ජැකට් විරෝධතාකරුවන් ප්‍රංශ ජනපතිගේ යෝජනාවට විරෝධය දක්වන බව යැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පැරිසියේදීය (ඒ.එෆ්.පී.)