පැරැණි නෝට්ටු මාරු කරගන්න අගමැති මෝදිගේ අම්මාත් පෝලිමේ
(එන්.ඩී.ටී.වී.)
මුදල් විශුද්ධිකරණය පියවරක් ලෙස රුපියල් 500 සහ 1ල000 මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය අගමැති න්රේන්ද්ර මෝදි තීරණය කිරීමෙන් පසුල තම මුදල් නෝට්ටු මාරු කර ගැනිමට සෙසු ඉන්දියානුවන් සේම අගමැති මෝදිගේ 95 හැවිරිදි මව ද බැංකු පෝලිමය සිටින දසුන් ඉන්දීය පුවත් සේවා ඊයේ (15) ප්රසිද්ධියට පත් කළේය.
මෝදිගේ මව හීරාබෙන් එලෙස රැුඳී සිටියේ ඇය ජිවත් වන ගුජරාට ප්රාන්තයේ ගන්ධිනගාර් නුවර බැංකුවක පෝලිමකය.
ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කළේ මෝදිගේ මව පැයකට වැඩි කාලයක් පෝලිමේ සිට මුදල් නෝට්ටු මාරු කර ගත් බවය. ඇය පැමිණ සිටියේ පවුලේ ඥාතීන් කිහිප දෙනකු ද සමඟය. මෝදිගේ මව ඉන්දීය රුපියල් 4500 ක මුදලක් මාරු කර ගත් බව ද වාර්තා වේ.
ඉන්දීය රුපියල් 500 සහ 1000 මුදල් නෝට්ටු අවලංගු කිරීමට රජය ගත් තීරණයත් සමඟ ඉන්දියානුවන් දැඩි අසීරුතාවකට මුහුණ පා සිටින බවත් ඔවුන් උදෑසන බැංකු විවෘත කරන තුරු මහ රෑ තිස්සේ පෝලිම් ගැසී සිටින බවත් වාර්තා වේග ඇතැමුන් කොට්ටා මෙට්ටා ද අතැතිව බැංකු ඉදිරිපිට නිදාගෙන පසුදා පහන් වෙද්දී පෝළිම්වලට එක් වන බව ද වාර්තා වේ.
විදුලි සහ ජල බිල්පත් නියමිත පරිදි නියමිත වේලාවට ගෙවා ගැනීමට බොහෝ දෙනාට නොහැකි වී ඇත්තේ පැරැණි නෝට්ටු මාරු කිරීමට බැංකුවල පමණක් නොවල තැපැල් කාර්යාලවලත් දිගු පෝලිම් තිබෙන නිසා බව ද වාර්තා වේ.