පැපුවා නිව්ගිනියාවේ ගැටුම් උත්සන්න වෙයි



ඉන්දුනීසියාවට අයත් පැපුවා පළාතේ හටගෙන ඇති විරෝධතා ඊයේ (29) වෙද්දී තවත් උත්සන්න වූ අතර, පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගත් විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලි, වෙළෙඳසැල් ආදියට පහර දී ගිනි තබන්න වූහ.

පැපුවා පළාතේ ගැටුම් හට ගත්තේත්, එම ගැටුම් උත්සන්න වූයේත්, නැගෙනහිර ජාවා හි සුරාබයා වෙරළාශ්‍රිත නගරයේ සරසවි සිසුන් පිරිසකට පොලිසියෙන් සිදුවුණු කෙණෙහිලිකම් මුල්කොට ගනිමිනි. පසුව එම සිදුවීම වාර්ගික අර්බුදයක් දක්වා වාර්ධනය විය.  

ජාවා වැසියන් මෙසේ විරෝධතා පවත්වන්නේ තමන්ට නිදහසේ ජීවත්වීමට අවසර දෙන්නැයි ඉල්ලීමිනි. ඊයේ (29) විරෝධතා ආරම්භ වූයේ පැපුවා පළාතේ අගනුවර ලෙස සැලකෙන ජයාපුරා නගරයෙන් යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS