පාකිස්තානයේ දේවස්ථානයක බෝම්බයක් පුපුරා 50ක් මරුට
පාකිස්තානයේ දකුණු දිග කලාපයේ පිහිටි ෂා නුරානි නැමැති සුෆි මුස්ලිම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකට හසු වී පුද්ගලයන් පනස් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයෙන් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මරුමුවට පත් පිරිස අතර දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. ෙමම ප්‍රහාරය අයිඑස් ත්‍රස්තයින්ට සහාය දක්වන පකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් විසින් සිදු කරන්නට ඇතැයි පකිස්ථාන ආරක්ෂක අංශ සැක පළ කරති.
කරච්චි නුවර උතුරු කලාපයේ පිහිටි නූරානි දේවස්ථානයට පැමිණි සුෆී බැතිමතුන් පූජා පවත්වමින් නර්තනයේ යෙදෙන අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පාකිස්තානයේ ප්‍රසිද්ධ සුෆි ගායකයකු වූ අම්ජාඩ් සබ්‍රි කරච්චි නුවරදී ඝාතනයට ලක් කොට මාස කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි...