පාකිස්තානයට නව හමුදාපතිවරයෙක්
(රොයිටර්)
පාකිස්තානයේ නව හමුදාපති ලෙස ලුතිනන් කර්නල් ඛමාර් ජාවෙද් බජීවා ලෙස නම් කිරීම එරට අගමැති නවාස් ෂරීෆ් විසින් ඊයේ (27) සිදුකරනු ලැබුණි.
වසර 35 ක් තිස්සේ හමුදා සේවයේ නියැළි ලුතිනන් කර්නල් ඛමාර් ජාවෙද්, හමුදා ආඥාපතිවරයකු වන අතර, වත්මන් හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් විශ්රාම යෑමෙන් පසු ඛමාර් ජාවෙද්, එම ධුරය බාර ගැනීමට නියමිතය.
වත්මන් හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් පාකිස්තාන දේශපාලනඥයන් අතරේත් රටේ ජනතාව අතරේත් පැසැසුමට ලක් වුණු අයෙකි. ඔහු ධුරයෙන් සමුගන්නේ ධුර කාලය අවසන් වන නිසාය.