පාකිස්තානයට එරෙහිව පියවර ගන්නවා - ඉන්දියාව
(පාකිස්තානයේ ඉන්දියානු විරෝධි පෙළපාලියක්)
කාශ්මීරයේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු පාකිස්තානයට එරෙහිව නව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා බව ඉන්දීය බලධාරීහු පවසති.
කෙසේ වෙතත් ඉදිරියට හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ සැලසුමක් දැනට නැතැයි ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කර ඇත. එසේ වුවද අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් පාකිස්තානයට එරෙහිව දැඩි ආර්ථිකමය හා රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ඉන්දීය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
පාකිස්තානය ප්‍රමාණය අතින් ඉන්දියාවෙන් පහෙන් එකක් වන අතර ආර්ථිකය හා සැසඳීමේදී හතෙන් එකකි. මෙලෙස ආර්ථිකමය හා රාජ්‍ය තාන්ත්‍රික පියවර ගනු ලබන්නේ තවත් පිරිසකට ජීවිත හානි කිරීමට නොවන බවත් මෙමඟින් පාකිස්තානයේ හැසිරීම පාලනය කිරීමට හැකි වනු ඇති බවත් ඉන්දීය ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.