පාකිස්තාන විපක්ෂයේ 1,500 ක් අත්අඩංගුවට
(එන්.ඩී.ටීවී.)
පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් 1,500 ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය ඊයේ (1) පියවර ගත්තේය.
ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය ඉස්ලාමාබාද් අගනුවර රාජ්‍ය විරෝධී දැවැන්ත රැලියක් සංවිධානය කර තිබුණු අතර, එම අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ ඊට පෙරය.
ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය එම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය ආරම්භ කිරීමට සැරැසුණේ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය දූෂිත බවට චෝදනා කරමින්ය. නවාස් ෂරීෆ් වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඉම්රාන් පවසා ඇත.
විපක්ෂයේ විරෝධතා හේතුවෙන් රට අස්ථාවර වුවහොත් යළිත් වරක් හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට ඉඩ ඇතැයි පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ පාකිස්තානයේ යළි හමුදා කුමන්ත්‍රණයක් ඇති වීමට ඉඩ නොදෙන බවය.