පාකිස්තාන බිලිඳෝ 8 ක් මරුට



පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ෂිවාල් නුවර රජයේ රෝහලක ළමා වාට්ටුවේ වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීමෙන් බිලිඳන් අට දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මියගොස් ඇත්තේ නොමේරූ ළඳරු ඒකකයේ සිටි බිලිඳන් යැයි ද පැවැසෙයි. එය ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, ප්‍රාන්ත බලධාරීහු පවසති. සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ද බලධාරීහු පවසා ඇත.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS