පාකිස්තාන ප්‍රහාරක යානයක් කයිබර් දුර්ගයට කඩා වැටේ



 

පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් පෙරේදා (24) කයිබර් දුර්ගයට කඩා වැටීමෙන් එහි සිටි නියමුවා ජීවිතක්ෂයට පත් විය.

කඩා වැටුණු යානය අසුරු සැණින් පුපුරා විනාශ වී ඇති බවත්, නියමුවාට ගුවනේදී පැරෂූට් ආධාරයෙන් පිටතට පැන ගැනීමට නොහැකි වුණු බවත් පාකිස්තන ගුවන් හමුදාව කියයි.

යානය අනතුරට ලක් වූයේ පුහුණු මෙහෙයුමක් පැවැත් වෙද්දී යැයි ද ගුවන් හමුදාව කියා සිටී. මියගිය නියමුවා ලුතිනන් අමෙර් ෂසාද් යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS