පාකිස්තාන ජනපතිට අනතුරු ඇඟවීමක්



ට්විටර් සමාජ ජාලයෙන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්විට අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලැබී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

පාකිස්තාන ජනාධිපතිවරයාට මෙසේ අනතුරු ඇඟවීමක් ලැබී ඇත්තේ, ඔහු ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් පළ කළ අදහස් දැක්වීම් මුල්කොට ගනිමිනි.

පාකිස්තාන ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම් හරහා ඉන්දු පාකිස්තාන අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවත් ජනතාව නොසන්සුන් වන බවත් ට්විටර් ජාලය පළ කළ අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් සඳහන් වී ඇතැයි ද පැවැසෙයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS