පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට නොතීසි
(රොයිටර්)
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට නොතීසි නිකුත් කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (21) වාර්තා කළේය.
අගමැති ෂරීෆ් මූල්‍ය වංචා සිදු කර ඇති බව අනාවරණය වී ඇත. මූල්‍ය අකටයුතුකම් සම්බන්ධයෙන් අනාවරණය වූයේ මීට මාස කිහිපයකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පත්‍රිකා’ හෙළිදරව්වෙන් පසුවය.
අගමැති ෂරීෆ්ට පමණක් නොව, ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, පාකිස්තාන විපක්ෂ දේශපාලන නායකයකු වන ඉම්රාන් ඛාන් අගමැති ෂරීෆ්ට එරෙහිව පෙත්සමක් ගොනු කළේය. එය සළකා බලා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති ෂරීෆ්ට අධිකරණය හමුවේ පෙනී සිටීමටනියම කළේය.
චෝදනා එල්ල වී සිටින අගමැති ෂරීෆ්ගේ පවුලේ අයටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ද පාකිස්තාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
පැනමාවේ ‘මොසැක් ෆොන්සේකා’ නමැති නීති සමාගම හරහා මුදල් විශුද්ධිකරණය කරමින්, පනවා ඇති සම්බාධකවලින් මිදී, බදු ගෙවීම් ද පැහැර හරිමින් අයථා මුදල් ගනුදෙනු කළ පුද්ලගයන් සහ එම ගනුදෙනුවල විස්තර ‘පැනමා පත්‍රිකා’ යනුවෙන් හැඳින්වෙයි.
මෙම විස්තර ලොවට අනාවරණය කළේ ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය මැදිහත් වෙමින් පසුගිය මැයි මාසයේය. මොසැක් ෆොන්සේකා නීති ආයතනයේ රහස් ගිණුම්වල මිලියන 11.5 ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විස්තර අදියර දෙකක් යටතේ ලොවට හෙළි කෙරුණි.
මෙසේ අයථා ගනුදෙනු සිදු කළ රාජ්‍ය නායකයන් අතරේ පාකිස්තාන අගමැති ෂරීෆ් සමඟ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේන ජනාධිපති පේට්‍රෝ පොරෙෂෙන්කෝ, ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාර්සි සිටි බව එහිදී හෙළි විය.