ප්‍රංශයේදී අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පැරිසියට ප්‍රහාර එල්ල කරන්නට ඇවිත්



...

ප්‍රංශයේදී ඉකුත්දා  අත්අඩංගුවට ගැනුණු ත්‍රස්තවාදී සැකකරුවන් පස් දෙනාම එරට අගනුවර වන පැරිස් හි ප්‍රධාන මර්මස්ථාන කීපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කොට තිබුණු බව හෙළි වී ඇතැයි  එරට නීතිපති කාර්යාලය පවසයි.

ඉරාකයේ හෝ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අණදෙන නිලධාරියෙකුගේ ජංගම දුරකථනයක් මාර්ගයෙන් මෙම ප්‍රහාර සඳහා මෙම සැකකරුවන්ට උපදෙස් ලබා දී ඇති බව පරීක්ෂණ මෙහෙයවන ෆ්රාන්සොයිස් මොලී පවසයි

ප්‍රහාර සැලසුම් කිරීමේ චෝදනා මත ප්‍රංශ ජාතිකයන් හතර දෙනෙකු සහ දකුණු අප්‍රිකානු ජාතික පුද්ගලයෙක් ඉකුත් සති අන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ත්‍රස්ත සැකකරුවන් විසින් ප්‍රහාර සඳහා සැලසුම් කොට තිබුණ ප්‍රදේශ අතර, පැරිස් නුවර ඉතා කාර්යබහුල නත්තල් වෙළඳසලක් ද ඇතුලත් වන බව වාර්තා වේ.

තිලිණිද සිල්වා

(බී.බී.සී. ඇසුරෙනි)


RECOMMEND POSTS