ප්‍රංශ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ෆ්රාන්සුවා ෆිලොන්
(ඒ.එෆ්.පී)
ලබන වසරේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා එරට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂයා ලෙස එරට හිටපු අගමැතිවරයකු වූ ෆ්රාන්සුවා ෆිලොන් තේරී පත්වූයේය.
ඔහු වත්මන් ජනාධිපති ෆාන්සුවා ඕලන්දේ හෝ ඔහු නියෝජනය කරන සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පරාජයට පත්කර ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත.
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ (27) වැනිදා පැවති අතර අද (28) එහි ප්‍රතිඵල නිකුත් කරන ලදී. රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක සටන ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ හිටපු අගමැති ෆ්රාන්සුවා ෆිලොන් සහ ඇලාන් ජූපේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මෙන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන්ද එරට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තේරී පත්ව සිටින ෆ්රාන්සුවා ෆිලොන් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්ලේෂකයෝ ද අදහස් දක්වා ඇත.
ෆ්රාන්සුවා ෆිලොන් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 66.5ක් ගැනීමට සමත්ව තිබිණි. ඒ ඡන්ද මධ්‍යස්ථාන 10,229කින් ඡන්ද මධ්‍යස්ථාන 9,915ක ගණන් කිරීමෙන් අනතුරුව යැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.
ෆ්රාන්සුවා ෆිලොන් දැඩි මතදාරී රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස හැඳින්වෙන අතර ඇලාන් ජූපේ මධ්‍යස්ථ මතදාරියකු යැයි හැඳින්වේ.
ඇමෙරිකා ජනාධිපතවරණයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමල බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීම යනාදි ලෝකයට බලපෑ ප්‍රධාන සිදුවීම් අතරට ප්‍රංශ ජනාධිපතිවරණය ද එක්වනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ප්‍රංශයේ වත්මන් ජනාධිපති ෆ්රාන්සුවා ඕලන්දේට ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබුණ ද ඔහු නියෝජනය කරන එරට සමාජවාදී පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත යැයි වාර්තා වේ. එමෙන්ම ෆ්රාන්සුවා ඕලන්දේ ද තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැත.
කෙසේ වෙතත් වත්මන් ප්‍රංශ අගමැති එරට සමාජවාදී පක්ෂයේ සාමාජික මැනුවෙල් වෑල්ස් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ හිටපු ආර්ථික අමාත්‍ය එමානුවෙල් මැක්රොන් ජනපති අපේක්ෂක සටනට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වේ. එමානුවෙල් පසුගිය අගෝස්තු මාසයේදී ආර්ථික අමාත්‍යධුරයෙන් ඉවත් වූ අතර ජනාධිපතවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ද පවසා ඇත.
ප්‍රංශ ජනාධිපතිවරණයේ තෙවැනි ප්‍රධාන අපේක්ෂිකාව වී ඇත්තේ එරට අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ලූ පෙන්ය.
ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වට ලබන වසරේ අප්‍රේල් 23 වැනිදා පැවත්වීමට නියමිතය. එහිදි කිසිදු අපේක්ෂකයකුට බහුතර ඡන්ද ප්‍රමාණයක් ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටය එම වසරේ මැයි මස 7 වැනිදා පැවත්වීමට නියමිතය.