ප්‍රංශ ජනපති ධුර අපේක්ෂකයන් අතරින් ෆ්‍රන්සුවා ෆිලොන් ඉදිරියට



 (රොයිටර්)
ලබන 2017 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණය වෙනුවෙන් අපෙක්ෂකයන් තෝරා ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතරේ පැවැත්වෙන මූලික වටයේ ඡන්ද විමසුමෙන් සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් ඉදිරියට පැමිණීමට සමත්වී සිටින්නේ ෆ්‍රන්සුවා ෆිලොන්ය.
ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් අනුමාන කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ජයග්‍රහණය කිරීමට ෆිලොන්ට හැකිවනු ඇති බවය. 
කෙසේ නමුත් ජනපති සටනට ප්‍රධාන අපේක්ෂකයන් තෝරා ගැනීම සිදුවන්නේ අභ්‍යන්තර ඡන්ද විමසුම් වට කිහිපයකින් පසුවය. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයන් ඉදිරි ඡන්ද විමසුම්වලට ඉදිරිපත් වනු ඇත.
62 හැවිරිදි ෆ්‍රන්සුවා ෆිලොන් ප්‍රංශ දේශපාලනයේ කැපී පෙනෙන මෙන්ම ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකි. 2007 වසරේ සිට 2012 තෙක් නිකලස් සාර්කෝසි ප්‍රංශයේ ජනපති ධුරය හොබවද්දී, ෆ්‍රන්සුවා ෆිලොන් අගමැති ධුරය හෙබවීය. ෆ්‍රන්සුවා ෆිලොන්, රේසිං කාර් රියැදුරකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වී සිටී.

RECOMMEND POSTS