පරමාණුක ශක්තිය යුද්ධයට නොව සාමයට යොදා ගන්න- යුකියා අමානෝ
පරමාණුක බලශක්තිය යුදමය කටයුතුවලට නොව ලෝක සාමය, සෞඛ්‍ය හා සෞභාගත්වය සඳහා දායක කරගත යුතු යැයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් යුකියා අමානෝ පසුගියා පැවැසීය.
ඉරාන න්‍යෂ්ටික අර්බුදය ඇතුළු පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් කටාර් විශ්වවිද්‍යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු එම කරුණු කීය. මෙහිදි ඔහු වැඩි වශයෙන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ප්‍රධාන කරුණු හතරකට අවධානය යොමු කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන, ගිවිසුමේ ප්‍රධාන කරුණු, අවධානය යොමු කරන කරුණු හා ගිවිසුමෙන් කලාපයට වන බලපෑම එම ප්‍රධාන කරුණුය.
එමෙන්ම ඔහු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ කාර්යය, උපයාමාර්ග හා න්‍යෂ්ටික තාක්ෂණය හා උපකරණ සම්බන්ධයෙන් කරුණු විස්තර කළේය. න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධ සෑම කටයුත්තකදීම ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන බව ද ඔහු කීවේය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් 2003 වසරේ සිට අවධානය යොමු කරමින් කටයුතු කළ බව ද යුකියා අමානෝ එහිදි පැවැසීය.
මිඞ්ල් ඊස්ට් අයි ඇසුරිනි