නොබෙල් ත්‍යාග දෙකක්



මේ වසරේදී නොබෙල් ත්‍යාග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලිංගික අපචාර සහ වදහිංසා සිදුවීමක් මුල් කරගනිමින් පසුගිය වසරේදී සාහිත්‍ය සඳහා  පිරිනැමෙනනොබෙල් ත්‍යාගලාභීන් කවුදැයි ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ඒ අනුව 2018 සහ 2019 යන වසර දෙකම සඳහා පිරිනැමෙන නොබෙල් සාහිත්‍ය සම්මාන දෙකම මේ වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ස්වීඩන රාජකීය ඇකඩමිය අද පසුවරුවේ ත්‍යාගලාභීන් කවුදැයි නිවේදනය කරන අතර කිසිවකුටත් හිරිහැරයක් අපහාසයක් නොවීමට ඔවුන් වගබලා ගනු ඇතැයි ද පැවසේ. පසුගිය වසරේ ඇති වූ සිදුවීම හේතුවෙන් ස්වීඩන රාජකීය ඇකඩමියේ සාමාජිකාවකගේ ස්වාමි පුරුෂයකු ද අත්අඩංගුවට පත්විය.

ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11ට සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට නියමිත අතර ඉන් මුල් තැන් හිමිව ඇත්තේ කාන්තාවන් කිහිපදෙනකුට වීමද විශේෂත්වයකි. කැනඩාවේ කිවිඳියක වන ඈන් කාර්සන් සහ නවකතාක රචිකාවියක වන මාගරට් ඇට්වුඞ්, පෝලන්තයේ ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඔල්ගා ටොකාචුක සහ ප්‍රංශයේ ලේඛිකාවක වන ගුවඞ්ලූපෝ මරීස් කුන්ද් යන අය බව යුනිබෙට් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සාහිත්‍ය කවවලට මෙවර සහ ගිය වසර සඳහා සාහිත්‍ය සම්මානය දිනා ගන්නේ කවුරුන්ද පිළිබඳව කතාබහට ලක්ව තිබිණි. ඒ අතරේද වැඩි තැනක් හිමිව තිබුනේ කාන්තාවන්ටය. රුමේනියාවේ කිවියකු සහ නවකතාකරුවකු වන මිර්චා කාර්තාරෙස්කු, පෝලන්තයේ ලේඛිකාවක වන හනා ක්‍රාල්, ඇන්ටිගුවා-ඇමෙරිකා සම්භාවයක් ඇති කතුවරියක වන ජැමෙයිකා කින්කෙයිඞ්, දකුණු කොරියාවේ ගත්කතුවරියක වන හන් කන්ග් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලේඛිකාවක වන ජොයිස් කැරොල් ඕට්ස් ඒ අතර මුල්තැන් ගෙන සිටිති.

ස්වීඩන ඇකඩමිය ආරම්භ කරන ලද්දේ 1786 වසරේදීය. ස්වීඩනයේ සංස්කෘතියේ රැකවලුන් වන ස්වීඩන ඇකඩමිය මේ වනවිට සිය කීර්තිනාමය නැවත ගොඩනගා ගැනීමේ වේදනාකාරී අර්බුදයකට මුහුණ දී සිටි. පසුගිය වසරේ සිදු වූ ලිංගික වද හිංසා, අපචාර සිදුවීම්, බැඳියාවන්ගේ ගැටුම්, කූඨ උපාය යනාදිය ඇකඩමියේ සාමාජිකයන් 18 ඒවා සම්බන්ධයෙන් අනුගමනය නිහඬ ප්‍රතිපත්තිය නිසා අර්බුද ගණනාවක් මතුවිය. ඒ නිසාම 2018 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම මේ වසර දක්වා කල් දැමීමට සිදුවිය. වසර 70කට පසු එවැනි ප්‍රමාද කිරීමක් සිදු වූ පළමු අවස්ථාව එය විය.

ලූතරන් ජාතියක් (ප්‍රොතෙස්තන්ත ආගමේ කොටසක්) වන ස්වීඩනය එරට තුළ පවතින විනිවිදභාවය සහ සම්මුතික ප්‍රජාතන්ත්‍රවාදය සහ අසාමනාකම් නොපිළිගන්නා රටකි. එසේ වුවත් ස්වීඩන ඇකඩමියේ සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ කරන ලද අනාවරණය කිරීම් හේතුවෙන් මුළු ස්වීඩනය කැලැඹී ගියේය.  

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS