නොත‍්‍රදාම් දෙව්මදුරේ ගින්නට හේතුව සිගරට් කොටයක්



ප‍්‍රංශයේ පැරිස් නුවර නොත‍්‍රදාම් දෙව්මැදුරේ ගින්නට හේතුව සිගරට් කොටයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

ගින්න හටගත් අවස්ථාවේදී, දෙව්මැදුරේ අලූත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවැතිණි. අලූත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ කොන්ත‍්‍රාත් සේවක කණ්ඩායමකි. දෙව්මැදුරේ දුම් පානය තහනම් කර තිබියදී මෙම සේවකයන් නඩත්තු කටයුතු කරමින් සිටින අතරතුරේ ඔවුන්ගේ ප‍්‍රධානියාට හොරෙන් දුම් පානය කළ බවට සාක්ෂි ලැබී ඇති බව ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පරීක්ෂණ කණ්ඩායම පවසයි.

මෙම පරීක්ෂණ කණ්ඩායමට රජයේ රස පරීක්ෂකයන් පමණක් නොව, ගිනි නිවන හමුදාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද එක් වී සිටී. කෙසේ නමුත් ගින්න හටගත්තේ කඩාකප්පල් කි‍්‍රයාවක් හේතුවෙන්දැයි ද සැකයක් පවතින බව පරීක්ෂකයෝ වැඩිදුරටත් කියා සිටිති. එය අයි.එස්. වැනි ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් කළ ත‍්‍රස්ත කි‍්‍රයාවක්දැයි අනුමාන කරමින් තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

ප‍්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලකෙන නොත‍්‍රදාම් දෙව්මැදුරේ ගින්න හටගත්තේ පසුගිය 15 වැනිදාය. ගින්නෙන් දෙව් මැදුරටත් එහි වහළයටත් බරපතල ලෙස හානි සිදුවිය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය 12 කට වැඩි කාලයක් ගත වුණු බව වාර්තා විය.

දෙව්මැදුරේ තැන්පත් කර තිබුණු ජේසුතුමන්ගේ කටු ඔටුන්න (මෙය තැම්පත් කර ඇත්තේ විශේෂ වීදුරු ආවරණයක් තුළය) ඇතුළු ශුද්ධ වූ පෞරාණික භාණ්ඩ රැුසක් ගිනි නිවන භටයන්, ගින්නට හසුවන්න ඉඩ නොදී බේරා ගත් බව ද පැවැසෙයි.

පැරිසියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS