නිවාඩු ගන්නේ නැතිව අකුරට වැඩ කරන්න



නිවාඩු නොගෙන, ජනතාව වෙනුවෙන් කැපවී අකුරට වැඩ කරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කිර්ගිස්තානයේ ආරම්භ වූ ෂැංග්හායි සහයෝගීතා සමුළුව බලා යෑමට පෙර සිය නව ඇමැති මණ්ඩලය හමුවෙමින් අවධාරණය කළේය.

ඉන්දීය අගමැති මෝදිගේ නව ඇමැති මණ්ඩලයට අත්දැකීම් බහුල දේශපාලනඥයන් පමණක් නොව, දේශපාලනයට ආධුනිකයෝ ද ඇතුළත් වෙති. යළි විශිෂ්ට ජනවරමක් හිමිකර ගනිමින් අගමැති ධුරයට පත් මෝදිගේ නව ඇමැති මණ්ඩලය 58 දෙනකුගෙන් සමන්විතය.

අගමැති මෝදි සිය නව ඇමැති මණ්ඩලය හමුවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් සැවොම ජනතා සේවකයන් බවත්, ජනතා සේවයට කැප වී කටයුතු කළ යුතු බවත්ය.

භාරතීය ජනතා පක්ෂය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන්නැයි ද අගමැති මෝදි සිය ඇමැති මණ්ඩලයට අවධාරණය කළේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS