නවසීලන්තයේ භූ කම්පනයක් හා සුනාමි තත්ත්වයක්



(ඒ.එෆ්.පී ඇසුරිනි)
නවසීලන්තයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සුනාමි තත්ත්වයක් ඇති වූ බව විදෙස් පුවත් සේවා ඊයේ (13) රාත්‍රීයේ වාර්තා කළේය.
රික්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් වූ එම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ක්‍රියිස්ට්චර්ච් ලෙස සටහන් වූ බවත් මුළු රටටම එහි ප්‍රබලත්වය දැනුණු බවත් එම වාර්තාවල දැක්විණි. 
භූම් කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් සංඥා ක්‍රියාත්මක කළ බව ද මීටර පහක් උස රළ ඇති විය හැකි බව ද වාර්තා විය. කෙසේ වෙතත් භූමි කම්පාවෙන් පසු මීටර දෙකක් උසැති රළ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳ වාර්තා නොවූ නොව බව ද වාර්තා විය. 
කෙසේ වෙතත් හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා සියලු අංශ සූදානමින් සිටින බව ද එරට බලධාරීහූ සඳහන් කර තිබිණි.

RECOMMEND POSTS