නවසීලන්තයේ ඕස්ටේ‍්‍රලියාවේ නිවෙස්වලින් පුපුරණ ද්‍රව්‍ය



නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ ඇතුළත් පාර්සලයක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

පුපුරණ ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ හමුවී ඇත්තේ පාළු නිවසකිනි. මේ සම්බන්ධයෙන් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසෙයි. මෙම නිවස පිහිටා ඇත්තේ පිල්ප්ස්ටවුන් පළාතේ යැයි පොලිසිය පවසා තිබේ.

පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ද් නුවර මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි ප‍්‍රහාර එල්ල විය. නවසීලන්තයේ මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් එම වෙඩි තැබීම කළේ සුදු අන්තවාදියෙකි. මෙම අන්තවාදියා  ඕස්ටේ‍්‍රලියානුවෙකි.

මේ අතර තමන් සිදු කළ වැටලීමකදී ඇඩිලේඞ් නුවර නිවසකින් පුපුරන ද්‍රව්‍ය හමුවුණු බවත්, එම නිවසේ සිටි 43 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්  ඕස්ටේ‍්‍රලියා පොලිසිය කියයි.

පුපුරන ද්‍රව්‍ය හමුවීමත් සමඟ බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් නිවස මුළුමනින්ම පරීක්ෂා කළ බව ද පැවැසෙයි. අත්අඩංගුවට ගත් එම 43 හැවිරිදි පුද්ගලයාගේ අනන්‍යතාව ද ප‍්‍රසිද්ධියට පත් කර නොමැත.

ක‍්‍රයිස්ට්චර්ච්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS