නවසීලන්ත අගමැති ජෝන් කී ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි)
ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ අරමුණින් නවසීලන්ත අගමැති ජෝන් කී අද (26) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.
නවසීලන්ත අගමැතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දීය අගමැති නේරේන්ද්ර මෝදි කටයුතු කළේය. ඉන්දු නවසීලන්ත ද්වීපාර්ශ්වීක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අගමැතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා විය.
ජාත්‍යන්තර න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සැපැයුම්කරුවන්ගේ සාමාජිකයකු වීමට ඉන්දියාව උත්සාහ ගනී. ඒ වෙනුවෙන් නවසීලන්තයේ සහාය ලබා ගැනීමට ඉන්දීය රජය අපේක්ෂා කරයි. ඉන්දු නවසීලන්ත අගමැතිවරුන් අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ජාත්‍යන්තර න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සැපැයුම්කරුවන්ගේ සාමාජිකයකු වීමට පාකිස්තානය ද උනන්දුවෙන් සිටී. ඉන්දියාවට එසේ සාමාජිනත්වය දෙන්නේ නම්, තමන්ට ද සාමාජිකත්වය දිය යුතු යැයි පාකිස්තානය පවසා ඇත. මේ වනවිට ඉන්දියාවත් පාකිස්තානයත් අතර නව අර්බුදයක් නිර්මාණය වී ඇත. ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරන්නේ ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටය.
නවසීලන්ත අගමැති ජෝන් කී මීට පෙර ඉන්දියාවට පැමිණියේ 2011 වසරේදීය. ඊට පෙර, නවසීලන්ත අගමැතිවරයකු ඉන්දියාවට පැමිණියේ 1986 දී රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැති ධුරය හොබවද්දීය. මෙම වසර මුලදී ඉන්දීය ජනාධිපති ප්රණාබ් මුඛර්ජී නවසීලන්තයේ නිල සංචාරයක යෙදුණේය.