නවදිල්ලි අගනුවර උණුසුම වැඩිවෙයි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

2013 වසරෙන් පසු නවදිල්ලි අගනුවර උෂ්ණත්වය මෙසේ ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි. නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.8 ක් ලෙස වාර්තා විය.

2013 වසරේ නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.2 ක් ලෙස පැවැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එපමණක් නොව, 1998 වසරේ මැයි මාසයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 48.4 ක් ලෙසය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS