නව මහ ලේකම්ගේ පත්වීම අනුමත වෙයි.



පෘතුගාලයේ හිටපු අගමැති ඇන්තෝනියෝ ගුතෙරෙස් එක්සත් ජාතීන්ගේ නව මහලේකම්වරයා ලෙස පත්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 ඒකමතික අනුමැතිය ඊයේ (13) හිමිවිය. 

ඒ අනුව ලබන ජනවාරි 1 වැනිදා සිට වසර පහක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය හොබවනු ඇත. ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ධුරය හොබවන නවවැන්නා වනු ඇත. 

ඇන්තෝනියේ ගුතෙරෙස් එක්සත් ජාතීනන්ගේ මහ ලේකම් ධුරයට පත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයද පසුගිය සතියේදී ඒකමතිව නිර්දේශ කළේය. 

ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ධුරයට පත්වූයේ තරගකරුවන් 12 දෙනකු පරාජයට පත්කරමිනි. ඉන් හත් දෙනකු කාන්තාවන් වීමද සුවිශේෂී සිදුවීමකි. 

ඔහු 2005 වසරේ සිට 2015 දක්වා වසර දහයක් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. 

වසර 1976 පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇන්ටෝනියෝ 1992 වසරේදී එරට සමාජවාදී පක්ෂයේ නායකයා බවට පත්විය. වසර 1995  දී පෘතුගාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් විය.

ගෝලීය අර්බුද සම්බන්ධයෙන් අවංක මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන බවත් මානව අභිමානය තමන්ගේ ප්‍රමුඛතම අරමුණ බවත් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතමින් ඇන්තෝනියෝ ගුතෙරෙස් පැවැසීය.

 


RECOMMEND POSTS