ධුරයෙන් ඉවත් වූ ඇල්ජීරියා ජනපති සමාව ඉල්ලයි



වසර 20 ක් තිස්සේ ඇල්ජීරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අබ්දෙල්ලාසී බුටේෆ්ලිකා ජනතා විරෝධය සහ හමුදාවේ බලපෑම මත ධුරයෙන් ඉවත් වූවා පමණක් නොව, තමන් අතින් වරදක් සිදුවූයේ නම් ඊට සමාව දෙන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා ඇත.

ධුරයෙන් ඉවත් වූ 82 හැවිරිදි බුටේෆ්ලිකා මෙසේ සමාව ඉල්ලා ඇත්තේ ලිපියකිනි. ඇල්ජිරියාවේ ජනාධිපති ධුරය හොබවන්න ලැබීම තමාට ආඩම්බරයක් බව ද එම ලිපියෙහි සඳහන් වෙයි. එපමණක් නොව, ඇල්ජීරියානුවන් සැමවිටම එකමුතුව සිටිය යුතු බවත්, ඒකීවත්වය සුරැකිය යුතු බවත් බුටේෆ්ලිකා සිය සමුගැනීමේ ලිපිය හරහා ඉල්ලීමක් ද කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS