ධවල මන්දිරයට නව මාධ්‍ය ලේකම්වරියක්



ධවල මන්දිරයේ ප්‍රධාන මාධ්‍ය ලේකම් ධුරයට 43 හැවිරිදි ස්ටෙෆ්නී ග්‍රිෂාම් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

ස්ටෙෆ්නී ග්‍රිෂාම් ප්‍රධාන මාධ්‍ය ලේකම් ධුරයට සුදුසු යැයි නිර්දේශ කරනු ලැබ ඇත්තේ ඇමෙරිකන් ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් විසිනි.

2015 දී ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය වෙනුවෙන් සූදානම් වෙද්දීත්, 2016 දී ජනපතියරණය ජයග්‍රහණය කරමින් ට්‍රම්ප් ධවල මන්දිරයට ගිය අවස්ථාවේ ඔහුගේ සහ මෙලානියාගේ මාධ්‍ය කටයුතුවලට සහාය දක්වා ඇත්තේ ග්‍රිෂාම් යැයි ද පැවැසෙයි.

මාධ්‍යවේදීන් සමඟ සුහඳත්වයෙන් කටයුතු කරන, මාධ්‍ය ආයත සමඟ සම්බන්ධකම් ඇති, ග්‍රිෂාම් ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස සිය කටයුතු වගකීමෙන් ඉටු කරනු ඇතැයි තම විශ්වාසය බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබේ.

ධවල මන්දිරයේ ප්‍රධාන මාධ්‍ය ලේකම් ධුරය පුරප්පාඩු වූයේ එම ධුරයේ කටයුතු කළ 36 හැවිරිදි සේරා සැන්ඩර්ස් ඉල්ලා අස්වුණු නිසාය. තනතුරින් ඉවත් වී, සැන්ඩර්ස්, උපන් ජනපදය වන ආකන්සාස් බලා යනු ඇති බවත්, ආකන්සාස් ජනපදයේ දේශපාලන කටයුතුවල ඇය නියැලෙනු ඇති බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS