ධවල මන්දිරය ඉදිරිපිට ගිනිතියාගෙන
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධය පළ කිරීමක් ලෙස වොෂින්ටන් අගනුවර ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණ ගිනිතබා ගත් අයකු ගැන ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
මෙම පුද්ගලයාට වහා ප්‍රථමාධාර දී රෝහල් ගත කිරීමට ධවල මන්දිරය ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටින ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කළේ යැයි ද පැවැසෙයි. මෙම පුද්ගලයා විරෝධය පළ කළේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)