දෙසැම්බරයට පෙර පකිස්තානයෙන් පිටවෙන්නැයි ඇෆ්ගන් සරණාගතයන්ට නියෝග
ලබන දෙසැම්බර් මාසයට පෙර පකිස්ථානයේ නීතිවිරෝධී ලෙස ජීවත්වන ඇෆ්ගනිස්ථාන සරණාගතයින්ට එරටින් පිටවන ලෙසට පකිස්ථාන රජය දැනුම් දී ඇත.
වසර හතළිහකට වැඩි කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පකිස්තානයට පලා ගිය සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂ විස්සකට වැඩි බව නවතම සංඛ්‍යා ලේඛන වලින් හෙළි වී ඇතැයි එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති අතර ඒ අනුව ඔවුන්ට දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ඉවත් විය යුතුව ඇත.
එසේම පකිස්ථානය තුළ වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයන් ලෝකයේ විශාලතම සරණාගත ප්රජාවන්ගෙන් එකක් ලෙසට සැලකෙන බවද එම සංවිධානය පවසයි.
ඇතැම් ඇෆ්ගන් සරණාගතයන් ඉපදී හැදී වැඩී ඇත්තේද පකිස්තානය තුළ වන අතර විවිධ වෘත්තීන්හි නිරතවෙමින් තම දරු පවුල් සමග ඔවුන් මේ දක්වා ජීවත්වන්නේද පකිස්තානයේ බව එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි......