දියණියගේ විවාහ මංගල්‍යයට කෝටි 500 ක් වැය කළ ඉන්දියානු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කෙරේ
බී.බී.සී ඇසුරෙනි.....
ඉන්දියානුවන් සිය අවලංගු කළ මුදල් නෝට්ටු මාරු කිරීමට බැංකු ඉදිරිපිට පෝලිම්වල සිටියදී සිය දියණියගේ විවාහ මංගල්‍යයට රුපියල් කෝටි 500 ක් පමණ වැය කළ ව්‍යාපාරිකයෙකු පිළිබඳව ඉන්දීය ආදායම් බදු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
කර්නාටක ප්‍රාන්තයේ හිටපු සංචාරක අමාත්‍යවරයා වූ මොහු පතල් කැණීම් මගින් කෝටි සංඛ්‍යාත ධනයක් උපයා ඇති අතර, දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයෙක්. ගාලි ජනර්ධන රෙඩ්ඩි නැමති මොහු වසර තුනක් සිරගතවී පසුගිය වසරේ ඇප මත මුදාහරිනු ලැබුවා.
ඔහු සිය දියණියගේ විවාහ මංගල්‍යයට රන් ආලේපිත ආරාධනා පත්‍ර සකස් කර ඇති අතර, බැංගලෝර් හි සිය මැදුරේ ඓතිහාසික හින්දු දෙවොලක අනුරුවක් සකසා ඇත්තේ විවාහ උත්සවය සඳහායි.
50 000 කට අධික ආරාධිතයන්ගේ රස වින්දනය උදෙසා මොහු සිය දියණියගේ විවාහ මංගල්‍යයට බ්‍රසීලයෙන් සම්බා නර්තන ශිල්පිනියන්ද රැගෙන විත් ඇති බව සඳහන්.
තිළිණි ද සිල්වා