දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් දිගටම
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, නඩුකට්ටුපට්ටි පළාතේ ත්රිචෙයි දිස්ත්‍රික්කයේ අතහැර දැමුණු නළ ළිං කුහරයකට වැටී සිරවුණු දෙහැවිරිදි සුජිත් විල්සන් නමැති දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් අවසන් වී නැත.
දරුවා නළ ළිං කුහරයට වැටී සිරවූයේ පසුගිය සිකුරාදා (25) දිනයේය. දරුවා සිරවී සිටින්නේ අඩි 25 ක් පහළිනි. නළ ළිං කුහරයට සමාන්තරව සිදුරක් කැණීම් කරමින් දරුවා බේර ගැනීමට සහන සේවකයෝ උත්සාහ ගනිමින් සිටිති.
දරුවාට අනතුරක් නොවී බේරා ගැනීමට නම් අඩි 100 ක සිදුරක් කැණීමට අවශ්‍ය බවත් ඒ සඳහා විශේෂ කැණීම් උපාංග ගෙනැවිත් ඇති බවත් පැවැසෙයි. නළ ළිං කුහරය ඇත්තේ සුජිත්ගේ නිවස අසලය. සුජිත් ඊට වැටී ඇත්තේ සෙල්ලම් කරමින් සිටිද්දීය.
ඉන්දීය ජාතික ආපදා ප්‍රචිතාර ඒකකයේ නිලධාරීන් ඇතුළු සියයකට වැඩි පිරිසක් සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බව පැවැසෙයි.
ඉන්දීය මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍යවලින් සුජිත් බේරා ගැනීමේ මෙහෙයුමට විශාල ප්‍රසිද්ධියක් ද හිමිවී ඇත.
ත්රිචේයි (ඉන්දීය පුවත් සේවා)