දකුණු අප්‍රිකා ජනපතිගේ පාලක පක්ෂයට ජය



දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පසුගිය දා පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණය කිරීමට ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත් වී තිබේ.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. සිරිල් රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වසර 9 ක් ජනපති ධුරයේ සිටි ජේකොබ් සූමාගෙන් පසුවය.

ජේකොබ් සූමාට ජනාධිපති ධුරය අහිමිවූයේ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් එල්ල වීමෙන් පසුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS