ද. කොරියානු ජනාධිපතිනියට එරෙහි දෝෂාභියෝග නඩුව හෙට



 (රොයිටර්)
දකුණු කොරියානු ජනාධිපතිනි පාර්ක් ගුවේන් හයිට එරෙහි පළමු දෝෂාභියෝග නඩු විභාගය හෙට (22) පැවැත්වීමට නියමිතය. දකුණු කොරියාවේ ව්‍යවස්ථා අධිකරණයේදී මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිත අතර එහිදි දෙපාර්ශවයේම අදහස් විමසීමට නියමිත යැයි එරට නිලධාරියෙක් පැවැසීය. 
දකුණු කොරියානු ජනාධිපතිනියට එරෙහිව දෝෂාභිගයෝගයක් ගෙන ඒම සඳහා දෙසැම්බර් 9 වැනිදා එරට පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විණි. ව්‍යවස්ථානුකූල වගකීම් පැහැර හරමින් මිතුරියක හා එක්ව මුදල් වංචාවලට සම්බන්ධ වූ බවට දකුණු කොරියානු ජනාධිපතිනියට චෝදනා එල්ල වී ඇත. 
විනිසුරුවරුන් නව දෙනකු ඉදිරියේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතය. මේ වනවිට දකුණු කොරියානු ජනාධිපතිනියගේ බලතල තාවකාලිකව අත්හිටුවා ඇත. පාර්ක් ගුවෙන් හයි ජනාධිපතිධුරයෙන් ඉවත් විය යුතු බවට විපක්ෂ කණ්ඩායම් ඇතුළු එරට බොහෝ පිරිසක් ඉල්ලති, උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරවල නිරත වෙති. විනිසුරු මඬුල්ලේ හය දෙනකුගේ මතය බහුතරය සැලකෙයි. විනිසුරුවරුන් හය දෙනකු දෝෂභිගෝය ගෙන ඒමට අවසරය හිමිවුවහොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෝසම ක්‍රියාත්මක වන අතරම ඉන් අනතුරුව පාර්ක් ගුවෙන් බලයෙන් ඉවත් කිරීමට හෝ මෝසම ඉවත දැමීමට හෝ පාර්ක් ගුවෙන් නැවත බලයේ පිහිටුවීමට අවස්ථාව හිමිවනු ඇත. 
දෝෂාභියෝගය ගෙන ඒමට පෙර තීරණයක් දීම සඳහා අධිකරණයට දින 180ක කාලයක් තිබෙන අතර දෝෂභියෝගය පැවැත්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්වෙන පළමු අවස්ථාව එය වනු ඇත. 
පාර්ක් ගුවේන් හයි බලයෙන් පහ කළහොත් දින 60ක් ඇතුළත් ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගත යුතු අතර නව ජනාධිපතිවරයා/ජනාධිපතිනිය වසර පහක කාලයක් ධුරයේ කටයුතු කරනු ඇත. 
දෝෂාභියෝගයට කිසිදු නීතිමය පදනමක් නැති බවත් එහි දෝෂ ඇති බවත් සඳහන් කරමින් පාර්ක් ගුවේන් හයිගේ නීතිඥයන් පසුගිය සතියේදී තම නීතිමය මතය ඉදිරිපත් කරන ලදි. 
කෙසේ වෙතත් තමාත් මිතුරියත් අතර තිබුණු සබඳතා හා ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ක් ගුවේන් හයි මාධ්‍ය හමුවේ කරුණු කීවාය. දුෂ්කර අවස්ථාවලදී මිතුරිය අදහස් හුවමාරු කරගත් බවත් නොසැලිකිලිමත් සම්බන්ධයෙන් සමාව අයැය සිටින බව ද එහිදි ප්‍රකාශ කළාය. එමෙන්ම කිසිදු නීතිමය වශයෙන් වරදක් කර නැති බව ද දකුණු කොරියා ජනාධිපතිනි පාර්ක් ගුවේන් හයි පැවැසුවාය.

RECOMMEND POSTS