තායිලන්ත මැතිවරණයෙන් කාටවත් බහුතර බලයක් නෑ
තායිලන්තයේ පසුගිය 24 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමිවී නැති බව, ප්‍රතිඵල නිකුත් කරමින් තායිලන්ත මැතිවරණ කොමිසම පවසා ඇත.
හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලාගෙන පසු සිවිල් අගමැතිවරයකු ලෙස තායිලන්තයට නායකත්වය දුන් ප්‍රයාත් චා ඕචා යළිත් වරක් මෙම මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, අභිනවයෙන් පිහිටුවාගත් හමුදාවට පක්ෂ දේශපාලන පක්ෂයකිනි.
බහුතර බලය හිමි නොවුණත්, පලාන්ග් ප්‍රචාරත් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 115 ක් හිමි කර ගැනීමට හැකිවී ඇත. බහුතර බලය සඳහා අඩුවූයේ ආසන 11 ක් පමණි. හිතවාදී පක්ෂ හවුල් කර ගත්තොත්, අගමැති ප්‍රයාත් චා ඕචාට දිගටම අගමැති ධුරයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත.
බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)