තායිලන්ත අගමැති ධුරයට යළිත් වරක් ප්‍රයාත් චා ඕචා



තායිලන්ත අගමැති ධුරය යළිත් වරක් 65 හැවිරිදි ප්‍රයාත් චා ඕචා වෙත හිමිවුණි. 2014 වසරේ තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවා රටේ බලය අල්ලා ගත්තේ ද හමුදාපති ධුරය හෙබවූ ප්‍රයාත් චා ඕචා ය.

මෙවර මැතිවරණයේ දී ප්‍රයාත් චා ඕචා හමුදා ධුරය අතහැර සිවිල් වැසියකු ලෙස මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් අභිනවයෙන් පිහිටුවා ගත් හමුදා හිතවාදී කොන්සවර්ටිව් පලාන්ග් ප්‍රචාරාත් (ජනතා රාජ්‍ය බලය) පක්ෂය හරහාය.

පලාන්ග් ප්‍රචාරාත් පක්ෂයට අභියෝගයක් එල්ල වූයේ හමුදා විරෝධී ප්‍රතිපත්ති දරණ 40 හැවිරිදි කෝටිපතියකු ද වන තනාත්‍රෝන් ජුඅන්ගෲන්ගෘගන්ගිට්ගෙනි. ස්වාධීන පක්ෂයක් වන පලාන්ග් ප්‍රචාරාත් පිහිටුවනු ලැබුවේ පසුගිය 2018 වසරේදීය. ඒ, හිටපු කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුගේ නායකත්වයෙනි.

බැංකොක්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS