ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බියෙන් නවදිල්ලි ගුවන්තොට කැළඹේ
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඉන්දීය බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් හේතුවෙන් ඊයේ (7) ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක තවත් ගුවන්තොටුපොළ කිහිපයක ආරක්ෂාව තර කෙරුණි.
ත්‍රස්ත ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරන්න සැලැසුම් කරනු ලැබ සිටියේ ද යන්න වාර්තා වී නැත. කෙසේ නමුත් එය ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ සැලැසුමක් යැයි අනුමාන කෙරේ.
බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමත් සමඟ ජම්මු කාශ්මීර, පන්ජාබ්, රාජස්ථාන් සහ ගුජරාටයේ ගුවන්තොටුපොළවල ආරක්ෂාව ද තර කෙරුණේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.