තමිල්නාඩුවෙන් කළු සල්ලි මතුවෙයි
තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි සහ වෙල්ලෝර් යන නගරවල සිදුකළ වැටලීම්වලින් ස්ථාන අටක තිබී ඉන්දීය රුපියල් කෝටි 106 ක කළු සල්ලි තොගයක් සොයා ගත් බව ඉන්දීය ආදායම් බදු නිලධාරීහු පවසති.
එම වැටලීම්වලදී කිලෝ ග්‍රෑම් 127 ක රත්තරන් තොගයක් ද ආදායම් බදු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මෙම කළු සල්ලි හමුවී ඇත්තේ අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ සමීපතම ව්‍යාපාරිකයන් ළඟ තිබී යැයි ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.