තමන් නිවැරදිකරු යැයි අධිකරණයට කියයි



නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර, මුස්ලිම් පල්ලි දෙකකට පසුගිය මාර්තු 15 වැනිදා කඩා වැදී වෙඩි තබා 51 දෙනකු අමුඅමුවේ මරා දැමූ  ඕස්ටේ‍්‍රලියා ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට්, අධිකරණය හමුවේ පවසා ඇත්තේ, තමන් කිසිදු වරදක් නොකළ බවය.

27 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානුවා අධිකරණයට යොමු කෙරුණි.ඒ, බන්ධනාගාරයේ සිට සජීවීව වීඩියෝ දසුන් හරහාය.

51 දෙනකු මරා දැමීම සහ තවත් 41 දෙනකු මරා දැමීමට තැත් කිරීම යනුවෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ.

බ්‍රෙන්ටන් ටැරන්ට්, සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ කෙරුණේ ක‍්‍රයිස්ට්චර්දස් දිස්ති‍්‍රක් අධිකරණයයි. දැන් එම නඩු විභාගය පැවැත්වෙන්නේ නවසීලන්ත මහාධිකරණය යටතේ යැයි ද පුවත් සේවා වාර්තා කරයි.

ක‍්‍රයිසිට්චර්ච්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS