ඩෙංගු මාරයාට පිලිපීනයේ 622 ක් බිලි



පිලිපීනයේ ඩෙංගු වසංගත තත්ත්වයක් හටගෙන ඇති බවත් පසුගිය ජනවාරියේ සිට දක්වා ඩෙංගු රෝගීන් 1,46,062 ක් හමුවී ඇති බවත් ඔවුන්ගෙන් 622 ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඩෙංගු රෝගය බහුතල පැතිර යමින් පවතින බව පැවැසෙන්නේ පිලිපීනයට අයත් උතුරු දෙසින් පිහිටි ලූසොන් දූපතේ සහ දකුණු දෙසින් පිහිටි මින්ඩානෝ දූපතේය.

ඩෙංගු බහුලව පවතින පළාත්වල දුමායන කටයුතු දිනපතා සිදුවන බවත්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා ඒවා විනාශ කිරීමට කටයුතු කරන බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.

2017 වනවිට පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් මැදිහත් වී ඩෙංගු මර්දනයට ‘ඩෙංගු වැක්සියා’ එන්නත පිලිපීනයට ගෙන්වීම සිදු කළේය. ‘ඩෙංගු වැක්සියා’ එන්නත ප්‍රංශ ඖෂධ සමාගමක නිෂ්පාදනයකි.

මෙම එන්නත ලබා දීම කළ යුත්තේ එක් වරක් ඩෙංගු රෝගය වැළඳුණු අයටය. ඩෙංගු වැළඳී නොමැති නම් එන්නත ලබා දීමෙන් එම තැනත්තා දරුණු ලෙස රෝගී වීමේ අවදානමක් පවතී. ඖෂධ සමාගම මේ බව නිවේදනය කිරීමෙන් පසු, පිලිපීන ජනාධිපතිවරයා එන්නත ගෙන්වීම නවතා දැමීමට තීරණය කළේය.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS